Gossip Home

Online Hot Top Gossip Lanka News

Two Dogs Theft In Negombo Side.

By Chamika Fernando

මීගමුවේ බලු හොරු පොලිස් භාරයට.
සොරකම රජයන කාලයක මෙවැනි සොරකම්ද සමාජයේ නැතුවා නෙවෙයි.
නිවසේ සුරතල් සතෙකු ඇතිකරීමට සිදුව ඇත්තේද සොරුන්ට බියෙන්.

නිවෙස්වල සුරතලය සදහා ඇතිකළ බල්ලන් හා තවත් වටිනා  දේපල රැසක් සොරකම් කල දෙදෙනෙකු පොලිසියේ රැහැනට හසු වෙයි.

ඔවුන් ඔක්තෝම්බර් 06 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග  ලැබී ඇත.

දිසාගෙවත්ත හා මංකුලිය ප්‍රදේශයේ රුපියල් 23,00 හා රුපියල් 24,000 වටිනා බල්ලන් දෙදෙනකු සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්දයෙක් ලැබී ඇති පැමිණිලි දෙකක් හේතුවෙන් මෙම සැක කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

එසේම දළුපත ක්‍රිස්තියානි දේවස්ථානයකින් රුපියල් 61000ක් වටිනා උපකරණ සොරකම් කිරීමේ සිද්ධියක චෝදනාද මොවුන්ට එල්ල වී ඇත.

එමෙන්ම මීගමුව වෙළද සැලකට ඇතුල් වී ආරක්‍ෂිත හිස් වසුම්,යතුරුපැදි කොටස් තොගයක්ද සොරකම් කර ඇති බවට ඔවුන් චෝදනා ලබා ඇති බව අධිකරණයේදී හෙළි වී තිබේ.