Gossip Home

Online Hot Top Gossip Lanka News

Obligative Use To Vehical's Seat Belts.

By Chamika Fernando

වාහන වල ඉදිරිපස අසුන් ගන්නා අයට බද පටි පැළදීම අනිවාර්ය කරයි.
අද සිට (01)  මෙම නීතිය පැහැර හරින්නන්ට දඩ කෑමට සිදුවෙයි.

ද (01) සිට ඉංග්‍රීසි අකුරු සහිත අංක තහඩු සහිත මෝටර් රථ හා ද්විත්ව වාහන වල ඉදිරිපස අසුන් වල ගමන් ගන්නා අයට බදපටිය (බෙල්ට් ) පලදීම අනිවාර්ය කර ඇත.

මෙම නීතියට යටත් එම වාහන වලට අමතරව අද සිට ලියාපදිංචි කරන ලොරි,බස්  රථ ද මෙම නීතියට යටත් වෙයි.


යතුරු පැදි,ත්‍රි රෝදරථ අත් ට්‍රැක්ටර්  අවමංගල රථ සදහා මෙම නීතිය අදාල නොවෙයි.එසේම වෛද්‍ය නිර්දේශයන් අනුව අඩි 4 අගල් 9ට අඩු පුද්ගලයන්ට මෙය පැළදීම යෝග්‍ය නොවන නිසා ඔවුන්ටද බැකෝ යන්ත්‍ර ක්‍රියා කරන රියදුරන්ටද මෙම නීතිය අදාල නොවෙයි.

මෙම නීතිය කඩ කරන්නන්ට රුපියල් 1000ට නොඅඩු දඩ මුදලක් නියම වෙයි.