Gossip Home

Online Hot Top Gossip Lanka News

(UPDATE *) වෙඩි තැබීමකින් භාරත ජිවිතක්ෂයට,දුමින්දට බරපතලයි.

By Chamika Fernando

අංගොඩ සිදු වූ වෙඩි තැබීමකින් ජනාධිපති උපදේශක භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ජිවිතක්ෂයට.
පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා බරපතල තුවාල ලබයි.


ගැටුමකින් ඇති වූ වෙඩි තැබීමකදී භාරත  ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ජිවිතක්ෂයට පත්ව ඇති අතර එයින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා බරපතල තුවාල ලබා ඇත.

මෙම වෙඩිතැබිම සිදුව ඇත්තේ අංගොඩ,සල්මල් උයන ප්‍රදේශයේ ජන්ද මධ්‍යස්ථානයක දීය. ප්‍රේමචන්ද්‍ර මහතා එම ස්ථානයේම මියගොස් ඇති අතර වෙඩි වැදුන ඔහුගේ ආරක්ෂකයින්  දෙදෙනෙකුද අංගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.

නතුරින් බරපතල තුවාල  ලැබූ ආර් දුමින්ද සිල්වා  මහතා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර  දැඩිසත්කාර ඒකකයට ඇතුලත් කර ශල්‍යකර්ම කිහිපයකටම භාජනය වෙමින් පවතියි.

එමෙන්ම මෙයින් දුමින්ද සිල්වා මහතාගේ හිතවත් පිරිසකටද වෙඩි වැදී ඇති අතර ඔවුන්ද එම රෝහලෙන් ප්‍රතිකාර ලබමින් පවතියි.

මෙම වෙඩි තැබීම සම්බන්දයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වෙන්න. 

මුල්ලේරියාවේ වෙඩි තැබීමෙන් පසුව (වීඩියෝ) දර්ශන.




දුමින්ද සිල්වා මහතාව ජයවර්දන පුර රෝහලට ගෙන ආ වහනය පහත රූපරාමු තුලින්.



------------------------------------------------------------------------------------------

භාරත ලක්ෂ්මන් මහතාගේ මල සිරුර අසල අඩා වැලපෙන ජනතාව.