Gossip Home

Online Hot Top Gossip Lanka News

රාජ්‍ය ආයතන වලට කායවර්ධනාගාර.

By Chamika Fernando

ශරීරයේ නිරෝගිව තබා ගැනීමට ව්‍යායාම ඉතාමත් වැදගත් වේ. 

ඔය වාක්‍ය සියලුම රාජ්‍ය ආයතන වලට පැවසීමට ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සැරසී ඇත. 

සියලුම රාජ්‍ය ආයතන සදහා සියලුම ව්‍යායාම් උපකරණ ඇතුලත් කායවර්ධනාගාර ඉදිකිරීමට ඔහු තීරණය කර ඇති බව වාර්තා වන අතර ක්‍රීඩා අමාත්‍යංශයේ සේවකයන්ද, රාජ්‍ය සේවකයින් 65% පමණ ශරීර අයහපත් තත්වයක ඇති බව ඒ මහතා ප්‍රකාශ කර ඇත. 

මෙම කායවර්ධනාගාර පෞද්ගලික ආයතන වල සේවය කරන්නන් සදහාද පරිහරණය කිරීමට ලබාදීමට, ඔවුන්ගෙන් යම්කිසි ගාස්තුවක්ද අයකරන බවට අමාත්‍ය මහින්දානන්ද මහතා කටයුතු කර ඇත.

මෙහි අරමුණ වනුයේ යහපත් ශාරීරික යෝග්‍යතාවයකින් සමන්විත සේවක සේවිකාවන් තුලින් රාජ්‍ය සේවය කාර්යක්‍ෂම කිරීමය. මේ සදහා මුල්‍ය ප්‍රතිපාදන වෙන් කර ඇති බව වාර්තා වේ.