Gossip Home

Online Hot Top Gossip Lanka News

දුමින්ද සිල්වාට ප්‍රතිකාර සදහා පිටරටින් ස්නායු වෛද්‍යවරු.

By Chamika Fernando

හිසට වෙඩි වැදීමෙන් බරපතල තුවාල සිදු වී ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින දුමින්ද සිල්වා මහතාට ප්‍රතිකාර කිරීම සදහා සිංගප්පුරුවේ සිටින ඇමරිකානු ස්නායු වෛද්‍යවරුන් දෙදෙනකු පැමිණීමට නියමිත  බව වර්තා වෙයි.

ඉකුත් 08 වනදා මුල්ලේරියාවේ ඇති වූ දේශපාලන ගැටුමකින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොලබ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතාට හිසට වෙඩි වැදුනි.

පැය හතරක පමණ සැත්කමකින් පසුව ඔහුගේ මොළයට ඇතුල් වී තිබු උණ්ඩ තුනෙන් දෙකක් සැත්කමක් මගින් ඉවත් කළේය.

නමුත් මොළය පිටුපස කොටසේ ඇති උණ්ඩය මෙතෙක් ඉවත් කිරීමට නොහැකි වී ඇති බව වාර්තා වෙයි.මන්ත්‍රීවරයා මේ වන විට ඇස් ඇර සිටින නමුත් ඔහුගේ ස්වරුපය විටින් විට වෙනස් වන බව වාර්තා වෙයි.

එසේම මන්ත්‍රී වරයාට විටින් විට දැඩි නිදිමත ගතියක් පැමිණෙන බවටද වෛද්‍යවරුන් නිරීක්ෂණය කර ඇත.

මන්ත්‍රීවරයාගේ මොලයේ ක්‍රියාකාරිත්වය සම්බන්දයෙන්ද දැඩි අවදානයක් යොමුකර ඇති අතර මොළය ක්‍රියාකාරිත්වය සාමාන්‍ය පරිදි සිදු වීමට අවස්ථාව සලසා දීමේ පරීක්ෂණද මේ වන විට සිදුවෙමින් පවතයි.