ජනාධිපති කොළොන්නාවේ වැඩ බැලීම සදහා අමාත්‍ය බැසිල්ව පත් කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළොන්නාව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා මහතා වෙඩි වැදී රෝහල්ගතව ප්‍රතිකාර ලැබීම හේතුවෙන් කොළොන්නාව වැඩ බැලීම සදහා අමාත්‍ය බැසිල් රාජපක්ෂව පත් කර ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහා ක්‍රියාත්මක වන පරිදි කොළොන්නාව මැතිවරණ ප්‍රදේශයට සම්බන්ධීකරණ කටයුතු සදහා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව පත්කර ඇත.
මෙම නව පත්වීම නැවත දෙනුම් දෙන තුරු ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි.
බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංවිධායක වරයා ලෙස ක්‍රියා කරයි.