Gossip Home

Online Hot Top Gossip Lanka News

මවක් තම හත් හැවරිදි පුතුව පුළුස්සා ඇත.

By Chamika Fernando

නිවිතිගල උඩකරවිට ප්‍රදේශයෙන් හද සසල වන පුවතක් වාර්තා වෙයි.
ලේ කිරිකර පෙව් තමන්ගේම මවට මෙසේ කල හැකිද? 

හත් හැවරිදි දරුවෙකුට  පහර දී නිදන ඇදේ ගැට ගසා මුහුණ පුළුස්සා ඇති මවක් පිලිබදව වාර්තා වෙයි. 

මෙසේ කිරීමට හේතුව වී ඇත්තේ දරුවා කඩයකින් අප්ප සොරකම් කිරීම නිසා ඔහුව යහපත් දරුවකු බවට පත් කිරීමේ අදහසින් බව ඇය ප්‍රකාශ කර ඇත.

මෙවැනි දරුණු ක්‍රියාවන් වලින් දරුවන් යහ මගට ගත නොහැකි බව ඇයට තේරුම් ගැනීමට නොහැකි  වුයේ ඇයි? 

එම දරුවා එලෙස සොරකමට පුරුදුව සිටි බවටත් ඇය කියා සිටියාය.එසේම දරුවාගේ පියා ඔවුන් අතහැර ඇති අතර මව වෙනත් විවාහයක් කරගෙන ඇත.

එසේම දරුවාට පෙර සිටම ඉතාමත් දරුණු ලෙස සලකා ඇති බවට දරුවාගේ මුහුණේ තිබු තුවාල කැළැල් වලින් හෙළි විය.

ඇය දෙදරු මවකි.මෙම හත් හැවරිදි දරුවා පරිවාසය භාරයට පත් කර ඇති අතර මව රක්ෂිත බන්දනාගාර කර ඇත.